colombotimes.lk
සිංහල | English

23 October 2024


ආරුගම්බේ ආරක්ෂාව ගැන නියෝජ්‍ය පොලිස්පතිගෙන් විශේෂ ප්‍රකාශයක්



ආරුගම්බේ සංචාරක ප්‍රදේශයට ප්‍රහාරයක් එල්ලවිය හැකි බවට ඇමරිකානු තානාපති කාර්යාලයෙන් අනතුරු ඇඟවීමක් කර තිබුණා.

ඒ සම්බන්ධව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් අදහස් පළ කළා.

ඔහු කියා සිටියේ ආරුගම්බේ ප්‍රදේශයේ සිටින ඊශ්‍රායල් ජාතිකයන්ට යම් අනතුරක් සිදුවිය හැකි බවට පසුගිය දින කිහිපයේ තොරතුරු ලැබී තිබූ බවයි.
 
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව සඳහන් කළේ මේ සම්බන්ධයෙන් නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් මීට අවශ්‍ය මූලික පියවර ගෙන පසුගිය දිනවල මාර්ග බාධක යොදා පරීක්ෂා කිරීම් සිදු කළ බවයි.

ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මේ වන විට පියවර ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව වැඩිදුරටත් සඳහන් කළා.

(colombotimes.lk)