colombotimes.lk
සිංහල | English

18 October 2024


හිටපු ජනපතිවරුන්ගේ ආරක්ෂාව සමාලෝචනය කිරීමට තීරණයක්



හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව යළි සමාලෝචනය කිරීමට තීරණය කර තිබෙන බව ඊයේ (07) රැස්වූ සමාලෝචන කමිටුවේදී ප්‍රකාශ කර තිබෙනවා.

වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය සඳහන් කළේ හිටපු ජනාධිපතිවරුන්ට ඇති තර්ජන තක්සේරු සමාලෝචනය කිරීමෙන් පසුව ආරක්ෂාව සංශෝධනය කරන බවයි.

ඒ අනුව දැනට ක්‍රියාත්මක ආරක්ෂක වැඩපිළිවෙල  කිසිදු වෙනසකින් තොරව එලෙසම පවත්වාගෙන යන බවද වැඩබලන පොලිස්පතිවරයා එහිදී ප්‍රකාශ කර තිබෙනවා.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂාව ඉවත් කර ඇති බවට පැතිර යන ප්‍රචාර සාවද්‍ය බව වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසුරිය මහතා පසුගියදා ප්‍රකාශ කළා.

(colombotimes.lk)