04 August 2025

logo

බීමත්ව රිය ධාවනය කළ රියදුරෙක්ට වැඩ වරදියි



වැලිමඩ සිට නුවරඑළිය හරහා ධාවනය කළ ලංගම බස් රථයක රියදුරෙක් නුවරඑළිය පොලීසියේ රථවාහන අංශයේ නිලධාරීන් විසින් අද (03) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ දිවුලපිටිය ඩිපෝවට අයත් එම බස් රථය නුවරඑළිය බදුල්ල ප්‍රධාන මාර්ගයේ සීතාඇලිය ප්‍රදේශයේදී රථවාහන අංශයේ නිලධාරීන් බස් රථය පරික්ෂා කිරීමේදී රියදුරු අධික ලෙස බීමත්ව සිටින බවට තහවුරු වීමත් සමඟයි. 

පොලීසිය සඳහන් කළේ බස් රථය ධාවනය කරවන අවස්ථාවේදී රියදුරු වතුර පානය කරන මුවාවෙන් මත්පැන් පානය කර ඇති බවට සැකපළ කරන බවයි.

(colombotimes.lk)