colombotimes.lk
සිංහල | English

22 October 2024


මාරක අනතුරකින් අඹු සැමි යුවළක් ඇතුලු 05ක් රෝහලට



බණ්ඩාරගම කිඳෙල්පිටිය ප්‍රාථමික විද්‍යාලය ඉදිරිපිටදී ලොරි රථ 2ක් මුහුණට මුහුණ ගැටීමෙන් බිහිසුණු රිය අනතුරක් සිදු වී තිබෙනවා.

බණ්ඩාරගම පොලීසිය සඳහන් කළේ අනතුරින් අඹු සැමි යුවළක් ඇතුලු පුද්ගලයන් 5දෙනෙක් රෝහල් ගත කළ බවයි.

අඹුසැමි යුවළ රැගත් ලොරිය කැස්බෑව දෙස සිට බණ්ඩාරගම දෙසට ධාවනය කර තිබෙන අතර කොන්ත්‍රාත්කරුවන් තිදෙනෙක් රැගත් ලොරියක් බණ්ඩාරගම සිට කැස්බෑව දෙසට ධාවනය කර තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ එහිදී කොන්ත්‍රාත්කරුවන් රැගත් ලොරි රථය මාර්ගයේ කැරකී ගොස් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි අඹුසැමි යුවළ රැගත් ලොරියේ ගැටීමෙන් මෙම අනතුර සිදු වූ බවයි.

(colombotimes.lk)