colombotimes.lk
සිංහල | English

22 October 2024


වසන්තට එරෙහි නඩුවකට නියෝගයක්



පසුගිය අරගල සමයේ නීති විරෝධී ජන රාශියක් වශයෙන් එක්ව මහජන පීඩාවක් ඇති වන ආකාරයෙන් කටයුතු කළ බවට සැකපිට අධිකරණයට ඉදිරිපත් කළ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ, පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමියන් ඇතුළු සැකකරුවන් 18 දෙනෙක්ට අදාළ පරීක්ෂණ සඳහා නීතිපති උපදෙස් ලබා ගැනීමට කටයුතු කළ බව පොලීසිය අද (21) අධිකරණයට දැනුම් දුන්නා.

මෙම පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ ඉදිරියේ කැඳවූ අතර එහිදී වසන්ත මුදලිගේ ඇතුළු සැකකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටියා.

කුරුදුවත්ත පොලීසිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ නීතිපති උපදෙස් ලැබීමෙන් අනතුරුව ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි.

ඒ අනුව අදාළ පැමිණිල්ල පෙබරවාරි මස 10 වනදා නැවත කැඳවන ලෙස අධිකරණය නියම කළා.

(colombotimes.lk)