colombotimes.lk
සිංහල | English

22 October 2024


ජල සැපයුම සම්බන්ධයෙන් ප්‍රදේශ කිහිපයකට විශේෂ දැනුම්දීමක්



චර්චිල් ජලාශයේ සම්ප්‍රේෂණ නල මාර්ගයේ හදිසි බිඳ වැටීමක් සිදු වී තිබෙනවා.

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේ ඒ හේතුවෙන් හෙට (22) ප්‍රදේශ කිහිපයකට දහවල් 12.00 දක්වා අඩු පීඩන තත්ත්වයක් යටතේ ජලය සැපයෙන බවයි.

ඒ අනුව වත්තල, මා බෝල, ජා ඇල, කටුනායක - සීදුව යන නගර සභා බල ප්‍රදේශවලට සහ වත්තල, බියගම, මහර, දොම්පේ, ජා ඇල, කටාන සහ මිනුවන්ගොඩ යන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවලට මෙසේ අඩු පීඩන තත්ත්වයක් යටතේ ජලය ලැබෙන බවයි වාර්තා වන්නේ.             

(colombotimes.lk)