colombotimes.lk
සිංහල | English

21 October 2024


පාර්ලිමේන්තු මැතිවරණ දිනය ගැන අධිකරණයට පෙත්සමක්



පාර්ලිමේන්තු ඡන්ද විමසීම නොවැම්බර් මස 14 වනදා පැවැත්වීමට ගෙන තිබෙන තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකර තිබෙනවා.

සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයෙක් මෙන්ම 'අපි ශ්‍රී ලංකා ජාතික සංවිධානයේ' කැඳවුම්කරු එච්. එම්. ප්‍රියන්ත හේරත් විසින් පෙත්සම ඉදිරිපත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.

එහි වගඋත්තරකරුවන් ලෙස ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයා, ජනාධිපති ලේකම්වරයා, මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයන් හා නීතිපතිවරයා නම් කර තිබෙනවා.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ පාර්ලිමේන්තු ඡන්ද විමසීම පනතේ 10 වන වගන්තිය ප්‍රකාරව නාම යෝජනා කැඳවීම ඔක්තෝබර් මස 04 වනදා සිට ඔක්තෝබර් මස 11 වනදා දක්වා දින නියම කළ බවත් මැතිවරණ පනත ප්‍රකාරව නාම යෝජනා භාරගැනීම අවසන් වූ දින සිට සති පහකට නොඅඩු කාලයක් සහ සති හතකට නොවැඩි කාලයක් තුළ ඡන්ද විමසීම සඳහා දින නියම කළ යුතු බවයි.


(colombotimes.lk)