colombotimes.lk
සිංහල | English

22 October 2024


ශිෂ්‍යත්ව විභාගයට තවත් පෙත්සමක්



මෙවර 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙර පිට වූ බව පැවසෙන ප්‍රශ්න 3 සඳහා සම්පූර්ණ ලකුණු ලබාදීමට ගත් තීරණය බල රහිත කිරීමේ නියෝගයක් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට තවත් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙනවා.

ඒ බදුල්ල දිස්ත්‍රික්කයේ ශිෂ්‍යත්ව විභාගය වෙනුවෙන් පෙනී සිටි සිසු සිසුවියන් සහ ඔවුන්ගේ දෙමාපියන් පිරිසක් විසින්.

එහි වග උත්තරකරුවන් ලෙස විභාග කොමසාරිස් ජනරාල්වරයා, අධ්‍යාපන අමාත්‍යවරිය වන අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබෙන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)