colombotimes.lk
සිංහල | English

24 October 2024


මහ මැතිවරණ අපේක්ෂකයෙක්ට දිවි අහිමි වෙයි



යාපනය දිස්ත්‍රික්කයේ උඩුප්පිඩි ආසනයෙන් මෙවර මහ මැතිවරණයට තරඟ කිරීමට ඉදිරිපත්ව සිටි අපේක්ෂකයෙක් හදිසියේම මිය ගොස් තිබෙනවා.

මෙලෙස මිය ගොස් ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයෙන් මෙවර මහ මැතිවරණයට තරග වදින 34 හැවිරිදි සෙන්තිල්වේල් තමිලියන් නැමැති පුද්ගලයෙක්.

ඔහු මීට දින 04කට පෙර අසනීපවීම හේතුවෙන් රෝහල් ගත කර තිබෙන අතර රෝගය උත්සන්න වීම නිසා යාපනය ශික්ෂණ රෝහලට මාරු කර යවා තිබෙනවා.

එහි ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස ඔහු මිය ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)