colombotimes.lk
සිංහල | English

24 October 2024


අගමැති හා කැනේඩියානු මහ කොමසාරිස් අතර හමුවක්



අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය හා ශ්‍රී ලංකා කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ශ් අතර හමුවක් ඊයේ (23) පවත්වා තිබෙනවා.

ඒ අග්‍රාමත්‍ය ලේකම් කාර්යාලයේදීයි.

එහිදි දෙරට අතර පවතින රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා තවදුරටත් වර්ධනය කර ගැනීම සම්බන්ධව සාකච්ඡා කර තිබෙනවා.

එමෙන්ම ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණ පද්ධතිය ශක්තිමත් කිරීම, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර නඟා සිටුවීම සම්බන්ධයෙන්ද සාකච්ඡා කර තිබෙන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)