colombotimes.lk
සිංහල | English

24 October 2024


විදෙස් සංචාරකයන්ට දැනුම්දීමක්



එළඹෙන සංචාරක සමයේදී ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ලොව පුරා සිටින සංචාරකයන්ට ආරාධනා කරන බව ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය ‍පවසනවා.

එම කාර්යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ශ්‍රී ලංකාවේ සුන්දරත්වය ගවේෂණය කරන සියලුම සංචාරකයන්ගේ ආරක්ෂාව පිළිබඳව සහතික වන බවයි.

ශ්‍රී ල‍ංකාවේ රැදී සිටින සියලුම සංචාරකයන් සඳහා ඉහළම මට්ටමේ ආරක්ෂාවක් පවත්වාගෙන යන බවද එම නිවේදනයේ සඳහන්.

එමෙන්ම එහි වැඩිදුරටත් සඳහන් වන්නේ දැනට දිවයින තුළ රැදී සිටින සියලුම විදේශිකයන්ගේ ආරක්ෂාව සහතික කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවට ආරක්ෂක අමාත්‍යාංශය ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරයට සහතික වී ඇති බවයි.

(colombotimes.lk)