පනාගොඩ, සුහද මාවත ප්‍රදේශයේ නිවසක් අසල තිබී නාඳුනන පුද්ගලයෙක්ගේ මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ හෝමාගම පොලීසිය විසින් මෙම මළ සිරුර අද (17) සොයාගත් බවයි.
මරණය සම්බන්ධයෙන් නිශ්චිත හේතුවක් මෙතෙක් අනාවරණය වී නොමැති අතර පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරමින් පවතින බවට තොරතුරු වාර්තා වනවා.
(colombotimes.lk)