colombotimes.lk
සිංහල | English

18 October 2024


පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ තනතුරේ වැඩ බැලීමට නව නිලධාරිනියක්



පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් තනතුර පසුගිය සැප්තැම්බර් 24 වනදා සිට පුරප්පාඩුව පැවතුණා.

ඒ අනුව, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරියක වශයෙන් දැනට සේවය කරන එම්. එස්. පී. සූරියප්පෙරුම වහාම ක්‍රියාත්මක වන පරිදි පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් තනතුරේ වැඩබැලීම සඳහා පත්කර තිබෙනවා.

ඇය ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනියක් ලෙස දැනට සේවයේ නිරත වනවා.
 
කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් සඳහන් කළේ මහජන ආරක්ෂක අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ අදාළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කළ බවයි.

(colombotimes.lk)