colombotimes.lk
සිංහල | English

06 October 2024


බදු නොගෙවූ පුද්ගලයන් සෙවීමට නව වැඩපිළිවෙලක්



2023/2024 තක්සේරු වර්ෂයට අදාළව මෙතෙක් බදු ගෙවීම් සිදුකර නොමැති පුද්ගලයන්ගේ පරිශ්‍ර වෙත ගොස් බදු අයකර ගැනීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

ඒ අනුව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් සේපාලිකා චන්ද්‍රසේකර සඳහන් කළේ හෙට (07) දිනයේ සිට එම වැඩපිළිවෙල ආරම්භ කරන බවයි.

මෙම වසරේ සැප්තැම්බර් මස 30 වනදා වන විට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රුපියල් බිලියන 1,417ක මුදලක් බදු වශයෙන් අය කරගෙන තිබෙනවා.

එය 2024 වසර සඳහා වූ ආදායම් ඉලක්කය වන රුපියල් බිලියන 2024ක මුදලෙන් 70% ඉක්මවූ අගයක් ලෙසයි සදහන් වන්නේ.

නොගෙවූරු ස්වතක්සේරු බදු අය කරගැනීමේදී නීතිමය ක්‍රමවේදය සපුරා ක්ෂණික අය කරගැනීමේ ක්‍රියාමාර්ග ගැනීමට එම දෙපාර්තමේන්තුව ඉදිරියේදී කටයුතු කරන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)