01 February 2026

logo

දේශපාලන පක්ෂ 06ක් අක්‍රීය කිරීමට සැරසෙයි



දේශපාලන පක්ෂ 6ක් අක්‍රීය කිරීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබෙනවා.

ඒ ලේකම් ධූර සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු නිරාකරණය කර ගැනීමට අපොහොසත් වීම හේතුවෙන්.

ඒ අනුව ඊලවර් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ, එක්සත් ජනතා නිදහස් සන්ධානය, එක්සත් ලංකා පොදුජන පක්ෂය, එක්සත් ලංකා මහා සභා පක්ෂය, ලංකා ජනතා පක්ෂය සහ ශ්‍රී ලංකා ප්‍රගතිශීලි පෙරමුණට ඉදිරි මහ මැතිවරණයට තරග කිරීමට අවස්ථාව නොලැබෙන බවයි වාර්තා වන්නේ.

මැතිවරණ කොමිසම සඳහන් කළේ ගැටලුකාරී තත්ත්වයන් නිරාකරණය කර ගැනීම සඳහා පක්ෂ කිහිපයක නියෝජිතයන් කැඳවා සාකච්ඡා කළ ද ඒවා සාර්ථක නොවූ බවයි.

එම තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බව මැතිවරණ කොමිසම සඳහන් කළා.

(colombotimes.lk)