colombotimes.lk
සිංහල | English

06 October 2024


මෙක්සිකෝවට දරුණු ජල ගැලීම් තත්ත්වයක්



මෙක්සිකෝවට මේ දිනවල ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් දරුණු ජලගැලීම් තත්ත්වයක් හටගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඒ හේතුවෙන් ඔහාකා ප්‍රාන්තයේ සිය ගණනක් මේ වන විට අවතැන් වී සිටින බවයි.

ඒ අනුව පීඩාවට පත්වූ පිරිස් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට එරට සහන සේවකයන් පියවර ගෙන තිබෙනවා.

එමෙන්ම ජලගැලීම්වලින් පීඩාවට පත්වූ පුද්ගලයන්ට සහන සේවා කණ්ඩායම් කිහිපයක් යොදවා තිබෙන බවයි වාර්තා වන්නේ.

මේ අතර එරට කාලගුණ බලධාරීන් සඳහන් කළේ ඉදිරි දින කිහිපයේදීද ඔහාකා ප්‍රාන්තයෙන් අධික වැසි තත්ත්වයක් වාර්තා විය හැකි බවයි.


(colombotimes.lk)