colombotimes.lk
සිංහල | English

06 October 2024


PHOTOS | සාමාන්‍ය පෙළ විභාගයේ ගාල්ල දිස්ත්‍රික් විශිෂ්ටයන්ටත් මහජන බැංකුවෙන් මූල්‍යමය ත්‍යාගයක්



මෙවර අ. පො. ස සාමාන්‍ය පෙළ විභාගයේ දිවයිනේ විශිෂ්ට ප්‍රතිඵල වාර්තා කළ ගාල්ල දිස්ත්‍රික්කයේ සිසු දරු දැරියන් ඇගයීමට පසුගිය දා මහජන බැංකුව ගාල්ල ප්‍රාදේශිකය කටයුතු කර තිබෙනවා.

මෙවර අ. පො. ස. සමන්‍ය පෙළ විභාගයේ දිවයිනෙන්ම ප්‍රථම ස්ථානය ලබාගත් ගාල්ල සංඝමිත්තා විද්‍යාලයේ හිරුණි මල්ෂා දියණිය සහ එම විද්‍යාලයේම දිවයිනේ සිව්වන ස්ථානය හිමිකර ගත් නදුනි පමුදිතා රණවක දියණිය වෙත මූල්‍යමය ත්‍යාග පිරිනැමීම සිදුකර තිබෙන බවයි වාර්තා වන්නේ.

එම අවස්ථාවට ගාල්ල සංඝමිත්තා විද්‍යාලයේ විදුහල්පතිනි අසේනි පරණවිතාන මහත්මිය ඇතුළු ගුරු මණ්ඩලය, මහජන බැංකුවේ ගාල්ල ප්‍රාදේශිය කළමනාකාර සුජිත් කුමාරසිංහ මහතා, සහකාර ප්‍රාදේශිය කළමනාකාර මහත්මීන් සහ ගාල්ල මහවිදිය ශාඛා කළමනාකාර මහත්මා ඇතුළු පිරිසක් සහභාගී වී තිබෙනවා.




(colombotimes.lk)