colombotimes.lk
සිංහල | English

06 October 2024


PHOTOS | අයිතිවාසිකම් සුරකින ලෙස ඉල්ලමින් හැටන්හි දරුවන් පාගමනක



ළමා අයිතිවාසිකම් සුරකින ලෙස ඉල්ලා වතු 32ක පාසල් ළමුන් පිරිසක් අද (06) හැටන් නගරයේදී පාගමනක නිරත වුණා.

ලෝක ළමා දිනයට සමගාමීව ඔවුන් හැටන් දුම්රියපොළ ස්ථානයේ සිට හැටන් ශ්‍රී මාණික්‍ය පිල්ලයාර් හින්දු කොවිල දක්වා පාගමනින් පැමිණි බවයි Colombo Times අප වාර්තාකරු සඳහන් කළේ.

පාගමනින් අනතුරුව ඔවුන් එම ස්ථානයේදීම ළමා දින සැමරුමකටද එක්වී තිබෙනවා.  






(colombotimes.lk)