ජූලි මාසය තුළදී මෙරටට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව ලක්ෂ 2 ඉක්මවා ගොස් තිබෙන බව ශ්‍රී ලංකා සංචාරක අධිකාරිය පවසනවා.
එම අධිකාරියේ දත්තවලට අනුව ජූලි මාසයේදී සංචාරකයන් 200,244ක් මෙරටට පැමිණ ඇති බවයි.
මෙය පසුගිය වසරේ ජූලි මාසයේදී පැමිණි සංඛ්‍යාවට සාපේක්ෂව 6.6%ක වැඩිවීමක් පෙන්නුම් කරන බව එම අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළා.
එමෙන්ම ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් නිකුත් කළ නවතම දත්තවලට අනුව ජූලි මාසයේදී ඉන්දියාවෙන් සංචාරකයන් 37,128ක් පැමිණ තිබෙනවා.
එක්සත් රාජධානියෙන් 23,475ක්, නෙදර්ලන්තයෙන් 15,556 ක්, චීනයෙන් 12,982ක් සහ ප්‍රංශ ජාතිකයන් 11,059ක් ද ජූලි මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන බවයි වාර්තා වන්නේ.
ඒ අනුව 2025 වසරේ ජනවාරි 01වනදා සිට ජූලි 31දක්වා සංචාරකයන් 1,368,288ක් මෙරටට පැමිණ තිබෙනවා.
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ ඉන්දියාවෙන් සංචාරකයන් 279,122ක්, රුසියාවෙන් 131,377ක් සහ එක්සත් රාජධානියෙන් සංචාරකයන් 115,470ක් පැමිණි බවයි.
(colombotimes.lk)