colombotimes.lk
සිංහල | English

18 October 2024


ව්‍යාජ පුවතක් ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්



රජයේ පාසල්වල ප්‍රාථමික ශ්‍රේණිවල සිසුන්ට ලබාදෙන දිවා ආහාරය තාවකාලිව නතර කර ඇති බවට පළවන වාර්තා අසත්‍ය බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් තිලකා ජයසුන්දර කියා සිටියේ පාසල්වල දිවා ආහාරය ලබාදීමේ වැඩසටහන නතර කර ඇති බවට පසුගිය දින කිහිපය තුළ විවිධ තොරතුරු පැතිර ගිය බවයි.

එම වාර්තා සියල්ල අසත්‍ය බවත් පාසල් ළමුන්ට දිවා ආහාරය ලබාදීමේ වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවත් තිලකා ජයසුන්දර ප්‍රකාශ කළා.

ඇය වැඩිදුරටත් කියා සිටියේ එම වැඩසටහන ලබන වසර දක්වා ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන ද පවතින බවයි.

එමෙන්ම රජයේ පාසල්වල පළමු ශ්‍රේණියේ සිට පහ ශ්‍රේණිය දක්වා සිසුන්ට දිවා අහාරය ලබාදීමේ වැඩසටහන පසුගිය මාර්තු මාසයේ සිට ආරම්භ කෙරුණා.

(colombotimes.lk)