රුපියල් මිලියන 31ක වටිනාකමින් යුත් කුෂ් කිලෝ 3යි ග්‍රෑම් 117ක් කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ කටුනායක ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින්.
මෙම කුෂ් මත්ද්‍රව්‍ය තොගය බැංකොක් සිට ඉන්දියාව හරහා මෙරටට රැගෙන විත් තිබෙනවා.
ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් සඳහන් කළේ මෙම කුෂ් තොගය මෙරටට රැගෙන විත් ඇත්තේ මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි එළවළු වෙළෙන්දෙක් බවයි.
අදාළ පුද්ගලයා කූඩ 20ක් තුළ ඉතා සූක්ෂම ලෙස අසුරා මෙම මත්ද්‍රව්‍ය තොගය රැගෙන විත් තිබෙනවා.
එලෙස අත්අඩංගුවට ගත් ගුවන් මගියා සහ මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන සඳහා කටුනායක ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාරදීමට පියවර ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)