08 August 2025

logo

බඹර ප්‍රහාරයකින් පුද්ගලයෙක්ට දිවි අහිමි වෙයි



නෝර්වුඩ් පොලිස් වසමට අයත් ඕල්ටන් තේ වත්තේ වතු කම්කරුවෙක් බඹර ප්‍රහාරයකට ලක්වී ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. 

නෝර්වුඩ් ඕලිටන් වතුයායේ කිංග් කෝරා කොටසේ පදිංචිව සිටි 36 හැවිරිදි පුද්ගලයෙක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙන බවයි වාර්තා වන්නේ.  

නිවසට පානිය ජලය ලබා ගන්නා බට නලයක් තේ වත්තේ කැඩී යාම නිසා එය අලුත්වැඩියා කිරීමට ගිය අවස්ථාවේ අදාළ පුද්ගලයා මෙම ප්‍රහාරයට ලක්වී තිබෙනවා. 

පොලීසිය සඳහන් කළේ මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දික්ඔය මූලික රෝහලේ අධිකරණ ‍වෛද්‍යවරයා වෙත යාමු කර ඇති බවයි. 


(colombotimes.lk)