16 July 2025

logo

ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයාගෙන් පොරොන්දුවක්



ශ්‍රී ලංකාවට අවශ්‍ය සෑම අවස්ථාවකදීම චීනය විශ්වාසවන්ත සහෝදරයා මෙන්ම සහයකයා ලෙසද කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong ප්‍රකාශ කළා. 

ඒ අද (16) බත්තරමුල්ල අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති උත්සවයකදීයි.  

2025 වර්ෂය සඳහා රුපියල් මිලියන 5,171ක් වටිනා පාසල් නිල ඇඳුම් රෙදි සඳහා අවශ්‍ය මුළු රෙදි ප්‍රමාණයම චීන රජයේ ප්‍රදානයක් ලෙස ලබාදී අවසන් බව නිල වශයෙන් අද දැනුම්දී තිබෙනවා. 
 
එම අවස්ථාවට අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ද සහභාගී වී තිබෙන බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)