08 August 2025

logo

චිචීගේ රොකට් එක ගැන අග්‍රාමාත්‍යවරියගෙන් හෙළිදරව්වක්



හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් රෝහිත රාජපක්ෂගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වූ බව කියන 'සුප්‍රීම් සැට් සන්නිවේදන චන්ද්‍රිකා ව්‍යාපෘතිය' සඳහා ශ්‍රී ලංකා රජයේ කිසිදු මුදලක් වැයකර නොමැති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළා.

ඒ අද (06) පාර්ලිමේන්තුවේදීයි.    

එම ව්‍යාපෘතියෙන් ශ්‍රී ලංකාවට රුපියල් මිලියන දහස් ගණනක ආදායමක් ලැබී ඇති බව ද අග්‍රාමාත්‍යවරිය පාර්ලිමේන්තුවට දැනුම්දී තිබෙනවා. 

අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී. වී චානක ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්. 

(colombotimes.lk)