02 August 2025

logo

වැඩ තහනම් වූ පොලිස් නිලධාරීන් සංඛ්‍යාව ගැන අනාවරණයක්



මෙම වසරේ පසුගිය මාස 06 ඇතුළත පමණක් පොලිස් නිලධාරීන් 300කගේ වැඩ තහනමට ලක් වූ බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා. 

ඔහු කියා සිටියේ රජයක් ලෙස තරාතිරම කුමක් වුවත් ඕනෑම පුද්ගලයෙක්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවයි.
 
එමෙන්ම රාජ්‍ය සේවයේ නියුතු සුළු පිරිසක් සිදු කරන වැරදි හේතුවෙන් සමස්ත රාජ්‍ය සේවයටම කැළලක් ඇති වන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා. 

(colombotimes.lk)