colombotimes.lk
සිංහල | English

05 October 2024


හිස්බුල්ලා බුද්ධි අංශ මූලස්ථානයට ඊශ්‍රායලයෙන් ප්‍රහාරයක්



ලෙබනනයේ බේරූට්හි හිස්බුල්ලා බුද්ධි අංශ මූලස්ථානය ඉලක්ක කරමින් ඊශ්‍රායලය විසින් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ හිටපු හිස්බුල්ලා නායක හසන් නසරල්ලාගේ අනුප්‍රාප්තිකයා වන හෂීම් සෆිද්දීන්ද ප්‍රහාරයේ ඉලක්කයක් වී ඇති බවයි.

හෂීම් සෆිද්දීන් නැමැති පුද්ගලයා හිස්බුල්ලා සංවිධානයේ විධායක කවුන්සිලයේ ප්‍රධානියා ලෙස කටයුතු කරන අතර ඔහු හසන් හසන් නසරල්ලාගේ ඥාති සොහොයුරෙක්ද වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

දැනට පවතින යුධමය තත්ත්වය හමුවේ මිලියන 1.2කට වැඩි ලෙබනන වැසියන් නිවෙස්වලින් ඉවත් කර තිබෙනවා.

එමෙන්ම විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ලෙබනනයේ මිය ගොස් ඇති සංඛ්‍යාව පුද්ගලයින් 2,000කට අධික බවයි.

(colombotimes.lk)