colombotimes.lk
සිංහල | English

05 October 2024


පාස්කු ප්‍රහාරයේ විමර්ශනවල අඩුපාඩු වාර්තා කරන ලෙස පොලීසියට උපදෙස්



පාස්කු ප්‍රහාරයට අදාළ විමර්ශනවල අඩුපාඩු තිබේනම් වාර්තා කරන ලෙස උපදෙස් ලැබී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා පවසනවා.

ඔහු සඳහන් කළේ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා, වැඩබලන පොලිස්පතිවරයා සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර පොලිස් මූලස්ථානයේදී පැවැති සාකච්ඡාවකදී එම උපදෙස් ලැබුණු බවයි.

එහි අඩුපාඩු ඇත්නම් තවදුරටත් විමර්ශන කටයුතු  කළ යුතු බවද සාකච්ඡාවේදී දැනුම් දී තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාට පාස්කු ප්‍රහාරයට අදාළ විමර්ශන වාර්තාවක් ලබාදීමට ද නියමිත බවයි.

(colombotimes.lk)