28 July 2025

logo

අලි මිනිස් ගැටුම අවම කිරීමට විශේෂ ක්‍රමවේදයක්



අලි - මිනිස් ගැටුම අවම කිරීමේ මූලික පියවරක් ලෙස අලි කොරිඩෝ 07ක් විවෘත කිරීමට වනජීවී දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබෙනවා.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්වතුන්ගේ උපදෙස් මත ඒ සඳහා අවශ්‍ය සැලසුම සකස් කර ඇති බවයි වාර්තා වන්නේ.
 
වනඅලීන්ට ආරක්ෂිතව එක් වාසස්ථානයක සිට තවත් වාසස්ථානයකට ගමන් කිරීමට සලසා දෙන මාර්ගයක් ලෙස අලි කොරිඩෝව හඳුන්වනවා. 

අලි - මිනිස් ගැටුමට මූලික හේතුව වී ඇත්තේ වසර ගණනාවක් තිස්සේ මෙම මාර්ග අවහිර වී හෝ විනාශ වී තිබීමයි. 

පුවක්තලේ, නාච්චාදූව, නාච්චාදූව විල්පත්තුව, කුණාටුවැව, පොල්ලන්කැලේ, බලලුවැව, හත්පටුනාව යන අලි කොරිඩෝ 07 ලෙස නම් කර තිබෙනවා.


(colombotimes.lk)