උත්සව සමය වෙනුවෙන් කොළඹ නගරයේ ආරක්ෂාව තරකර තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ කොළඹ නගරයේ ආරක්ෂාව සඳහා නිලධාරීන් 6000ක් යොදවන බවයි.
පොලීසියට අමතරව යුද හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකායද ආරක්ෂාව සඳහා යොදවා තිබෙනවා.
යුද හමුදාව මාර්ග බාධක රාජකාරි කටයුතු සඳහා යෙදවීමට නියමිත අතර පොලීසිය සිවිල් ඇඳුමින් සහ ගිනි අවි අතැතිව ආරක්ෂක කටයුතු සඳහා යෙදවීමට නියමිතව තිබෙන බවයි වාර්තා වන්නේ.
එසේම බුද්ධි තොරතුරු එක් රැස් කිරීම සඳහා බුද්ධි නිලධාරීන්ද යෙදවීමට කටයුතු කර තිබෙනවා.
(colombotimes.lk)