colombotimes.lk
සිංහල | English

23 October 2024


උදයරාසාගේ නාම යෝජනාව භාර ගන්නා ලෙස මැතිවරණ කොමිසමට නියෝගයක්



පාර්ලිමේන්තු මැතිවරණයට වන්නි දිස්ත්‍රික්කයෙන් භාරදුන් පරරාජසිංගම් උදයරාසාගේ නාමයෝජනා පත්‍රය අනුමත කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මැතිවරණ කොමිසමට අද (23) නියෝග කර තිබෙනවා.

ඒ එම නඩුව අද කැඳවූ අවස්ථාවේදීයි.

නොවැම්බර් 14 වනදා පැවැත්වීමට නියමිත මහ මැතිවරණයට තරග කිරීම සඳහා වන්නි දිස්ත්‍රික්කය වෙනුවෙන් පරරාජසිංගම් උදයරාසා භාරදුන් නාමයෝජනා පත්‍රය දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරිවරයා පසුගියදා ප්‍රතික්ෂේප කළා.

ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගය නිකුත් කරමින් සඳහන් කළේ දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරියා ගත් තීරණය නීතියට පටහැනි බවයි.

(colombotimes.lk)