colombotimes.lk
සිංහල | English

17 May 2024

ප්‍රසන්න රණතුංගගෙන් තර්ජනයක්



ඉදිරියේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාක්ෂිකයින්ට හිරිහැර සිදු කරන පුද්ගලයින්ට පොලියත් සමඟ වන්දි ගෙවීමට සිදුවන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ, ඊයේ (16) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මිනුවන්ගොඩ ආසන බල මණ්ඩලයට සහභාගී වෙමින්.

පසුගිය වසරේ මැයි 9 වැනිදා රටේ සිදු වූ අරගලය තුළින් වැඩිම හානියක් සිදු වූයේ ගම්පහ දිස්ත්‍රික්කයේ මිනුවන්ගොඩ ආසනයට බව ද ඔහු මෙහිදී සඳහන් කළා.

එමෙන්ම ජනතාවට සේවය කිරීමේදී ඕනෑම අභියෝගයක් භාර ගැනීමට තමන් සූදානම් අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හෝ තමන් අභියෝග හමුවේ පළා නොයන බවයි අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේ.
(colombotimes.lk)