නුවරඑළිය සිට නාවලපිටිය දක්වා ධාවනය වෙමින් තිබූ නාවලපිටිය ලංගම ඩිපෝවට අයත් බස් රථයක රියදුරා බස් රථයේ රියදුරු අසුන මත ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.
ළිඳුල පොලීසිය පැවසුවේ එම බස් රථය මාර්ගයෙන් ඉවතට පැන අනතුරට පත් වී ඇති බවයි.
මෙසේ අනතුරෙන් මිය ගොස් ඇත්තේ නාවලපිටිය ලංගම ඩිපෝවේ 39 හැවිරිදි රියදුරෙක් බවයි වාර්තා වන්නේ.
නුවරඑළිය සිට දිඹුල පතන හරහා නාවලපිටිය දක්වා ඊයේ (15) පස්වරුවේ සේවයේ යොදවා තිබූ එම බස් රථය කාර්මික දෝෂයකට ලක්වී තිබෙනවා.
එමනිසා මගීන්ව වෙනත් බස් රථයකට මාරුකර බස් රථයේ රියදුරු සහ කොන්දොස්තර බස් රථයේ කාර්මික දෝෂය යථා තත්වයට පත් කර යළි නාවලපිටිය දක්වා ගමන් කරන අවස්ථාවේ රියදුරුට හදිසි රෝගි තත්වයක් ඇති වී තිබෙනවා.
කොන්දොස්තරවරයා ඒ පිළිබඳ ළිඳුල පොලීසිය වෙත දැනුම්දිමෙන් පසු පොලිස් නිලධාරීන් විසින් රියදුරු අසුනෙන් රියැදුරාව ඉවත් කර ඔහුව ළිඳුල ප්‍රාදේශීය රෝහල වෙත රැගෙන ගොස් තිබෙනවා.
නමුත් ඒ වන විටත් ඔහු මියගොස් ඇති බවයි රෝහලේ වෛද්‍යවරුන් පවසා ඇත්තේ.
(colombotimes.lk)