02 April 2025


මියන්මාරයට සතියක ශෝක කාලයක්



මියන්මාරයේ ඇති වූ ප්‍රබල භූ කම්පනයෙන් පසුව එරට සතියක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ පසුගියදා ඇති වූ මෙම ප්‍රබල භූ කම්පනයෙන් මේ වන විට පුද්ගලයන් දෙදහසකට අධික සංඛ්‍යාවක් මිය ගොස් ඇති බවයි.

එමෙන්ම තවත් තුන්දහසක පිරිසක් තුවාල ලබා තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ භූ කම්පනය හේතුවෙන් එරට රෝහල්වලට හානි සිදු වී ඇති බැවින් ප්‍රතිකාර කටයුතුවලටද බලපෑම් එල්ල වී ඇති බවයි.      

භූ කම්පනය හේතුවෙන් ජපානයේ ආර්ථිකයට ඩොලර් ට්‍රිලියන 1.81ක් පමණ අහිමි විය හැකි බවද අදාළ වාර්තාවල වෙයි.

(colombotimes.lk)