01 August 2025

logo

මත්ද්‍රව්‍ය සමඟ තරුණයෙක් කොටුවෙයි



අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1 ග්‍රෑම් 105ක් සහ හෙරොයින් ග්‍රෑම් 125ක් සන්තකයේ තබගෙන සිටි සැකකරුවෙක් ඊයේ (30) බොරැල්ල පොලි වසමේ සිසිර උයන මහල් නිවාසය අසළදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ බොරැල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරකට අනුව සිදු කළ වැටලීමක් අතරතුරදීයි.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 23ක් වන අතුරුගිරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

(colombotimes.lk)