colombotimes.lk
සිංහල | English

21 October 2024


මාරක අනතුරකින් තරුණයෙක්ට දිවි අහිමි වෙයි



රාගම පොලිස් වසමේ තේවත්ත දඹුව හන්දිය අතුරු මාර්ගයේ ඊයේ (20) තේවත්ත දෙස සිට දඹුව හන්දිය දෙසට ධාවනය වූ යතුරුපැදියක් අනතුරකට ලක්වී තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ යතුරුපැදිකරුට යතුරුපැදිය පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන විදුලි රැහැන් කණුවක ගැටී මෙම අනතුර සිදු වූ බවයි.

අනතුරින් තුවාල ලැබූ යතුරුපැදිකරු රාගම රෝහලට ඇතුළත් කිරීමේදී මිය ගොස් තිබෙනවා.     

පොලීසිය සඳහන් කළේ එලෙස මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 17ක් වන කැන්දලියද්දපාලුව, රාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි.    


(colombotimes.lk)