colombotimes.lk
සිංහල | English

21 October 2024


චීන ජාතිකයන්ගේ පැමිණීමේ වර්ධනයක්



2024 වසර තුළ සැප්තැම්බර් මාසයේ සහ මේ මාසයේ චීන ජාතිකයන්ගේ පැමිණීමේ වර්ධනයක් පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.

එම අධිකාරිය සඳහන් කළේ මේ මාසයේ ගත වූ දින 13ක කාලය තුළ චීන ජාතිකයන් 3,963 දෙනෙක් මෙරටට පැමිණ ඇති බවයි.

එය මෙරටට පැමිණි සමස්ත සංචාරකයන් ප්‍රමාණයෙන් 7.2%ක ප්‍රතිශතයක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළා.

(colombotimes.lk)