colombotimes.lk
සිංහල | English

21 October 2024


යුරෝපයේ රටවල් දෙකක දේශසීමා වෙනස් වෙයි



ඉතාලිය සහ ස්විට්සර්ලන්තය අතර දේශසීමා යළි සකස් කිරීමට සිදුවී තිබෙනවා.

ඒ දෙරට අතර දේශසීමාවේ පැවති ග්ලැසියර දියවීමෙන් එහි භූගෝලීය ලක්ෂණ වෙනස්වීම හේතුවෙන්.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ගෙවුණු වසර කිහිපය පුරා සිදුවූ කාලගුණික විපර්යාසවල ප්‍රතිඵලයක් ලෙස දෙරට දේශසීමාවේ පිහිටි සර්මැත් කලාපයේ භූ ලක්ෂණ සම්පූර්ණයෙන්ම වෙනස් වී ඇති බවයි.

යුරෝපයේ පිහිටි ජනප්‍රියම හිම නිකේතනයක් වන සර්මැති කලාපය දෙරටටම වැදගත් වන බැවින් මෙම කටයුත්ත දෙරටටම භූදේශපාලනික වශයෙන් මෙන්ම ආර්ථික වශයෙන්ද ඉතාමත් වැදගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

දෙරට අතර දේශසීමා යළි සකස් කළ යුතු බවට ඉතාලිය සහ ස්විට්සර්ලන්තය 2023 වසරේදී එකඟ වී තිබෙනවා.

ස්විට්සර්ලන්ත රජය මේ වන විටත් ඊට අදාළ නිල කටයුතු අවසන් කර ඇති අතර ඉතාලි රජය අනුමැතිය ලබාගැනීමේ වැඩපිළිවෙළ ආරම්භ කර තිබෙන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)