colombotimes.lk
සිංහල | English

21 October 2024


මැතිවරණ ප්‍රචාරක වියදම් වාර්තා පොලීසියට



ජනාධිපතිවරණ අපේක්ෂකයන්ගේ මැතිවරණ ප්‍රචාරක ආදායම් සහ වියදම් වාර්තා ලබන සතියේ පොලීසියට භාරදෙන බව ජාතික මැතිවරණ කොමිසම පවසනවා.

එම වාර්තා භාරදීම සඳහා මැතිවරණ කොමිසම ලබා දී තිබූ කාලය පසුගිය 13 වනදා අවසන් වුණා.

ඒ අනුව අදාළ වාර්තාන් ලබා දී ඇත්තේ අපේක්ෂකයන් 35ක් පමණයි.

පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමි, සරත් කීර්තිරත්න සහ අරියනේත්තිරන් පාක්කිය සෙල්වම් යන අපේක්ෂකයන් ආදායම් වියදම් වාර්තා ලබා දී නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

මැතිවරණ පනතට අනුව එම වාර්තා ලබාදී දින 10ක් ඇතුළත ඉදිරි කටයුතු සඳහා ඒ පිළිබඳ වාර්තාවක් පොලීසියට භාර දිය යුතු වනවා.

මැතිවරණ කොමිසම කියා සිටියේ ඒ අනුව ලබන සතියේ එම වාර්තාව පොලීසියට භාරදෙන බවයි.

(colombotimes.lk)