colombotimes.lk
සිංහල | English

21 October 2024


සිවිල් පුද්ගලයන්ට දුන් ගිනි අවි 50ක් යළි ආරක්ෂක අමාත්‍යාංශයට



සිවිල් පුද්ගලයන්ට ලබාදුන් ගිනි අවි සහ පතරොම් තාවකාලිකව රජයට ලබා දෙන ලෙස සිදු කළ දැනුම්දීමට අනුව ගිනි අවි 50කට අධික සංඛ්‍යාවක් යළි ලබා දී ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා.
 
ආරක්ෂක අමාත්‍යාංශය මඟින් ජීවිත ආරක්ෂාව සඳහා ලබාදී ඇති සියලුම ගිනි අවි පිළිබඳව සමාලෝචනයක් සිදු කිරීමෙන් අනතුරුව නැවත ලබාදීමට යටත්ව තාවකාලික පදනම මත මෙම තීරණය තිබෙන බවයි වාර්තා වන්නේ.

ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ අදාළ ගිනි අවි සහ පතරොම් නාවික හමුදාවේ වැලිසර පිහිටි රජයේ වාණිජ පුපුරණ ද්‍රව්‍ය ගබඩාව වෙත නොවැම්බර් මස 07වන දිනට පෙර භාර දෙන ලෙසයි.

(colombotimes.lk)