colombotimes.lk
සිංහල | English

21 October 2024


අනවසරෙන් මැණික් ගැරූ පුද්ගලයන් දෙදෙනෙක් කොටු වෙයි



බලපත්‍ර නොමැතිව මැණික් ගරමින් සිටී සැකකරුවන් දෙදෙනෙක් ඊයේ (20) පෙට්ට්‍රසෝ වත්ත ප්‍රදේශයේදී කැණීම් උපකරණ සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ බගවන්තලාව පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදීයි.

එලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 39 සහ 40 වයස්වල පසුවන බගවන්තලාව ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.    

(colombotimes.lk)