කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ අද (22) මාරක අනතුරක් සිදු වී තිබෙනවා.
මෙම අනතුරින් තරුණියක් ජීවිතක්ෂයට පත්ව තිබෙන බවයි වාර්තා වන්නේ.
දංඕවිට හන්දිය ආසන්නයේ වෙළදසැළක් ඉදිරිපිටදී මෙම අනතුර සිදුවී තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ වරකාපොළ සිට කොළඹ දෙසට ධාවනය කළ යතුරුපැදියක් පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකිව පෙරළී එහි පසුපැදිකාරිය මාර්ගයට ඇද වැටී තිබෙන බවයි.
එම අවස්ථාවේ පසුපසින් ආ ටිපර් රථයක ගටීමෙන් තුවාල ලැබූ ඇය රෝහල්ගත කිරීමෙන් පසුව මෙලෙස මිය ගොස් තිබෙනවා.
එලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 26ක් වූ සූරියපුර ප්‍රදේශයේ පදිංචිකාරිනියක්.
(colombotimes.lk)