colombotimes.lk
සිංහල | English

07 October 2024


PHOTOS| ADB නියෝජිතයන් ජනපති හමුවෙයි



ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකාව සඳහා වන අධ්‍යක්ෂ ටකෆුමි කඩොනෝ අද (07) ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවුණා.

ශ්‍රී ලංකාවේ සංචාරක, බලශක්ති සහ සුළු පරිමාණ ව්‍යවසායක කර්මාන්ත දියුණු කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව මූල්‍යාධාර ලබාදීමට එකඟත්වය පළ කර ඇති බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය දියුණු කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව මඟින් මෙතෙක් සිදු කරගෙන යන සියලු ගිවිසුම් ඒ ලෙසම ඉදිරියටත් ක්‍රියාත්මක කරන බව ද ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකාව සඳහා වන අධ්‍යක්ෂ ටකෆුමි කඩොනෝ එහිදී අවධාරණය කර තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ සංචාරක ක්ෂේත්‍රයේ යටිතල පහසුකම් නංවාලීම සඳහා මූල්‍ය ප්‍රතිපාදන ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුව තීරණය කර ඇති බවයි.






(colombotimes.lk)