colombotimes.lk
සිංහල | English

08 October 2024


ඉදිරි පැය කිහිපය අවදානම් - කාලගුණයෙන් රතු එළියක්



අන්තර් නිවර්තන අභිසාරී කලාපය ( උතුරු අර්ධගෝලයේ සහ දක්ෂිණ අර්ධගෝලයේ සිට හමා එන සුළං) දිවයිනේ කාලගුණයට බලපාන බැවින් දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

ඒ අනුව බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

එමෙන්ම දිවයිනේ ඇතැම් ස්ථානවලටද මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනය පහතින්,



(colombotimes.lk)