colombotimes.lk
සිංහල | English

07 October 2024


ගිනි අවි පිළිබඳ යළිත් සිහි කැඳවීමක්



සිවිල් පුද්ගලයන් සතු ගිනි අවි සහ පතොරම් නොවැම්බර් 06 වනදා සවස 4.00ට පෙර කඩිනමින් භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යාංශය යළි අවධාරණය කර තිබෙනවා.

ජීවිතාරක්ෂාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිකුත් කර ඇති ගිනි අවි සහ ඔවුන්ට මිලදී ගැනීමට අවසර දුන් රිපීටර් වර්ගයේ ගිනි අවි ද යළි භාර දිය යුතු බව ආරක්ෂක අමාත්‍යාංශය දැනුම්දී තිබෙන බවයි වාර්තා වන්නේ.

ගෙවුණු කාලය තුළ පුද්ගලයන් 1,500 දෙනෙක්ට ගිනි අවි 1,690ක් නිකුත් කර තිබෙනවා.

ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ මින් ඉදිරියට බුද්ධි අංශ වාර්තා මත පදනම්ව පමණක් ගිනි අවි නිකුත් කිරීමට පියවර ගන්නා බවයි.

(colombotimes.lk)