colombotimes.lk
සිංහල | English

05 October 2024


මහ මැතිවරණයට ඊයේ දිනයේ නාම යෝජනා භාර දුන් අය මෙන්න



2024 මහ මැතිවරණයට පිළිගත් දේශපාලන පක්ෂයක් සහ ස්වාධීන කණ්ඩායම් 03ක් ඊයේ (04) නාම යෝජනා භාරදී තිබෙනවා.

එමෙන්ම මහ මැතිවරණයේ නාම යෝජනා භාරගැනීමේ කාලය තුළ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක කර තිබෙන බවයි වාර්තා වන්නේ.

මේ අතර නාම යෝජනා භාරදෙන අවසන් දිනවලදී පෙළපාලි යාමට අවසර නොමැති බවද පොලීසිය දැනුම් දී තිබෙනවා.

මහ මැතිවරණයේ නාම යෝජනා භාර ගැනීම ලබන 11 වනදා තෙක් සිදු කිරීමට නියමිතයි.

(colombotimes.lk)