colombotimes.lk
සිංහල | English

05 October 2024


හෙරොයින් සමඟ සැකකරුවෙක් ඈගල්ඔයදී කොටු වෙයි



හෙරොයින් ග්‍රෑම් 05යි මිලිග්‍රෑම් 820ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් ඊයේ (04) ඈගල්ඔය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ බුලත්සිංහල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදීයි.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 35ක් වන බුලත්සිංහල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. 

(colombotimes.lk)