සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ජූලි ජේ. චංග් අතර හමුවක් ඊයේ (10) පස්වරුවේ පවත්වා තිබෙනවා.
ඒ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේදීයි.
මෙම හමුවේදී මෙරට ඖෂධ සැපයුම සහ සෞඛ්‍ය සේවාවන් පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා කර තිබෙනවා.
එහිදී අත්‍යාවශ්‍ය ඖෂධ සහ ශල්‍ය උපකරණ යම් ප්‍රමාණයක් ඇමරිකාවේ පරිත්‍යාගශීලීන් වෙතින් මෙරටට සපයාදීමට ඇමරිකානු තානාපතිනිය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සට එකගතාවය පළකර තිබෙන බවයි වාර්තා වන්නේ.
එමෙන්ම මෙරට නිදහස් සෞඛ්‍ය සේවාවේ සහ ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ වත්මන් තත්ත්වය මෙන්ම එහි අනාගත අභිවෘද්ධිය පිළිබඳව ද මෙම හමුවේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබෙනවා.
(colombotimes.lk)