colombotimes.lk
සිංහල | English

17 May 2024

දිවයිනේ ප්‍රදේශ රැසක වායු ගුණාත්මක බව පහළට



ප්‍රදේශ රැසක වායු ගුණාත්මකභාවය පහළ ගොස් ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.

එම සංවිධානය පෙන්වා දෙන්නේ බදුල්ල දිස්ත්‍රික්කයේ වායුගෝලයේ පවතින දූවිලි අංශු ප්‍රමාණය ඉතා ඉහළ මට්ටමක පවතින බවයි.

කුඩා දරුවන්, වයෝවෘද්ධ පුද්ගලයින් හා ශ්වසන ආබාධවලින් පෙළෙන පුද්ගලයින්ට මෙම තත්වයෙන් යම්කිසි සෞඛ්‍යමය හානිකර තත්වයක් පවතින බව බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්ෂ E.L.M උදයකුමාර මහතා පෙන්වා දෙනවා.

මුව ආවරණ පැළඳීම සිදු කළ යුතු අතර සෞඛ්‍ය ගැටලු ඇති පුද්ගලයින් විවෘත පරිසරයේ රැඳී සිටීමෙන් ද වැළකිය යුතුයි.
(colombotimes.lk)