මෝටර් රථයක් සහ ත්‍රීරෝද රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් අද (17) අනතුරක් සිදු වී තිබෙනවා.
ඒ හැටන් - නුවරඑළි ප්‍රධාන මාර්ගයේ, කොටගල උමං මාර්ගය ආසන්නයේදීයි.
මෙම අනතුරින් තුවාල ලැබූ තරුණයන් සිව්දෙනා කොටගල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබෙනවා.
ත්‍රීරෝද රථයේ ගමන් ගත් පිරිස නිට්ටඹුවේ සිට සංචාරයක් සඳහා නුවරඑළිය බලා ගමන් කරමින් සිට තිබෙන බවයි වාර්තා වන්නේ.