colombotimes.lk
සිංහල | English

18 October 2024


ජනපතිවරණයේ ප්‍රතික්ෂේප වූ ඡන්ද ගැන විශ්ලේෂණයක්



ජනාධිපතිවරණයේ ප්‍රතික්ෂේප වූ ඡන්ද සංඛ්‍යාව ඉහළ යාම සම්බන්ධයෙන් විශ්ලේෂණයක් කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්. ඒ. එල් රත්නායක මහතා සඳහන් කළේ මෙවර ජනාධිපතිවරණයේදී ඡන්ද 300,300ක් ප්‍රතික්ෂේප වූ බවයි.

එම ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව ප්‍රතිශතයක් ලෙස ගත් කළ 2.2%ක් වනවා.

මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කළේ එම ඡන්ද ප්‍රතික්ෂේප වීමට හේතුව මෙම විශ්ලේෂණයෙන් අනතුරුව තහවුරු කර ගත හැකි බවයි.

(colombotimes.lk)